නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
W.A.M.A.අබේසිංහ මයා
අධ්‍යාපන අමාත්‍යංශයේ දැක්මට අනුව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ හවුල් කරුවන් වන දක්ශ පුරවසියන් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වය කරා එලැඹීමට පාසල් පද්ධතිය යාවත් කාලීනව පවත්වාගෙන යාම ප්‍රධාන අරමුණ වේ.ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අනුව අනාගතය තනන ස්ථානය වන පන්ති කාමරය සවිබල ගැන්වීම මෙහිදී ප්‍රමුඛ කාර්යකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සවිබල ගැන්වීම,දෛනික කාල සටහන් කළමනාකරණය ශිෂ්‍ය විනය සදාචරත්මක ගුණධර්ම සංවර්ධනය කිරීම මෙහිදී පාසල් ප්‍රජාවගේ කාර්යකි.
මානව සමාජ සංවර්ධනය කේන්ද්‍ර කොට ගත් ප්‍රදේශයක් සමාජයක් බුද්ධිය විසින් හඳුනාගත් අසම්මතයන් බැහැර කිරීමට ද සුභාවියන් තුළින් නව ලොවක් නිර්මාණය කර ගැනීමට ද මෙවලම වන්නේ අධ්‍යාපනයයි.කටුවන්නාව කෝරලයේ ඇඹලේගොඩ ප්‍රදේශයේ වෙල් ඉපනැල්ලේ සුවඳ හඳුනන සුවහසක් ශිෂ්‍යයින්ගේ අනාගතය දිදුලවන්නට ඇඹලේගොඩ මහා විද්‍යාලයට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
.
නි.විදුහල්පති, ව/ම/ම/ ඇඹලේගොඩ මහා විද්‍යාලය
W.A.M.A.අබේසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති
ව/ම/ම/ ඇඹලේගොඩ මහා විද්‍යාලය.











