විද්‍යාලයීය ඉතිහාසය
1915 වසරේ ජනවාරි මාසයේ W. H. මුදියන්සේ මයා, W. H. අප්පුහාමි මයා සහ W. H. විජේරත්න මයා යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුණු ඇඹලේගොඩ විද්‍යාලය 1916 මාර්තු මස පළමු වන දින රජයේ ප්‍රාථමික පාඨශාලාවක් බවට පත් වු අතර ආරම්භක විදුහල්පතිවරයා වුයේ බලල්ලේ M. සේනානායක මහතාය.1966 වර්ශයේ ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමට සිදු වු අතර 1986 වසරේ අගෝස්තු මස පස්වන දින මෙම පාසැල මහා විද්‍යාලයක් (1C) බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලදී.සිසුන් දස දෙනෙකුගෙන් ඇරඹි පාසලේ අද වන විට 1-13 දක්වා ශ්‍රේණි පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 450කට ආසන්නය. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 20ක් වන අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය එක් අයෙකුද, සුළු සේවක දෙදෙනෙකුද දැනට සේවයේ යෙදී සිටී.
පාසල් පිරියත තුල දැනට ස්ථිර ගොඩනැගිලි හතක් ද අපොස සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක් ද පරිගණක විද්‍යාගාරයක් ද පුස්තකාලයක් ද සෞන්දර්ය ඒකකයක් ද පවතී.
මුලාශ්‍රය : පාසලේ ලොග් සටහන් පොත











